බුරවි සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමෙන් වැළකීමට උපදෙස්! – AusLanka TV – Australian News for the Sri Lankan community

බුරවි සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමෙන් වැළකීමට උපදෙස්!

බුරවි සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත්තේ ත්‍රිකුණාමලය සහ මුලතිවු අතරින් බව වාර්තා වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා ඉහළ යා හැකිය. සෙසු පළාත්වල සුළඟේ වේගය පැයට කාලෝමීටර් 60-70 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එනිසා නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 ඉක්ම වු වැසි බලාපොරොත්තු විය හැක. එසේම සෙසු පළාත්වලට ද මිලි මීටර් 100 ඉක්මවා වැසි ඇතිවිය හැකිය.එසේම මෙම පද්ධතිය නිසා ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා වැඩි විය හැක.

COMMENTS