Search

2021-22 දී වැඩිම සංක්‍රමණය බ්‍රිස්බන් වෙත – අඩුම ඩාර්වින්

POPULATION

2021-22 වර්ෂයේදී ප්‍රධාන නගරවල සිදුවූ ජනගහණය ඉහළයාම සම්බන්ධ නිල දත්ත සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන නගරවල ජනගහණය වර්ධනය සියයට 1.2 කින් හෙවත් 205,400 කින් වැඩිවී ඇති බව සඳහන්.

විදේශයන්ගෙන් පැමිණි 151,400 ක් සහ දරු උපත් 101,200 ක් මෙම කාලසීමාවේදී වාර්තා වී තිබුණා.

ප්‍රධාන නගර අතහැර ප්‍රාදේශීය කලාප වෙත සංක්‍රමණය වූ පිරිස 47,200 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

වැඩිම පිරිසක් සංක්‍රමණය වී ඇත්තේ බ්‍රිස්බන් නගරයට වන අතර එම සංඛ්‍යාව 59,200 ක්.

මෙල්බන් වෙත 55,038 ක් – සිඩ්නි වෙත 37,325 ක් සහ පර්ත් වෙත 32,246 ක් සංක්‍රමණය වී ඇති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ.

අඩුම පිරිසක් සංක්‍රමණය වී ඇත්තේ ඩාර්වින් නගරයට වන අතර එම සංඛ්‍යාව 781 ක්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »