Search

ග්‍රීෂ්ම සෘතුවේදී වික්ටෝරියා ඇතුලූ ප්‍රාන්ත කිහිපයක විදුලි කප්පාදු ?

ගල් අගුරු බලාගාර ක්‍රියාත්මක නොවීම හමුවේ එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී වික්ටෝරියා ඇතුලූ ප්‍රාන්ත කිහිපයක විදුලි කප්පාදු සිදුවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

එල් නිනෝ දේශගුණික විපර්යාසය හමුවේ ඇතිවිය හැකි අධික උණුසුම හේතුවෙන් වායු සමීකරණ භාවිතයත් සමග බලශක්ති ඉල්ලූම ඉහල යා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයට අමතරව දකුණු ඔස්ටේ්‍රලියා – නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලද බලශක්ති අර්බුද ඇති විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

සුළං සහ සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට අමතරව ‍විදුලිය ගබඩා කිරීම සහ සම්ප්‍රේෂණය වේගවත් කිරීම සඳහා නව මාර්ග ඇති කිරීමට ද බලධාරින්ගේ අවධානය යොමු කර තිබෙනවා.

නිවෙස් ආශ්‍රිත සූර්ය පැනල සවි කිරීම්, බැටරි සහ විදුලි වාහන සඳහා ජනතාව යොමුවීම මගින් බලශක්ති ඉල්ලූම පාලනය කරගත හැකි බව සඳහන්.

කෙසේවෙතත් 2033 වසර වනවිට ගල් අගුරු බලාගාර ආශ්‍රිත බලශක්ති නිපදවීම සියයට 62 කින් පමණ පහත වැටෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »