වික්ටෝරියා තාරාවුන් දඩයම් ලබන වසරේ සිට තහනම් වන ළකුණු

විනෝදාත්මක කටයුතු සඳහා ලබන වසරේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ තාරාවුන් දඩයම් කිරීම තහනම් කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් විසින් නිර්දේෂයක් ඉදිරිපත් කර තිබෙනවා.

අදහස් හා යෝජනා 10,500 ක් පමණ සැළකිල්ලට ගෙනයි මෙම නිර්දේශය ලබා දී ඇත්තේ.

මෙම නිර්දේශ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා විකටෝරියා ප්‍රාන්ත රජයටද මාස 06 ක කාලක් පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ තාරාවුන් දඩයම් කිරීමේ කාලය සෑම වසරකම මාර්තු සිට මැයි මාසය දක්වායි ක්‍රියාත්මක වන්නේ.

කෙසේවෙතත් තාරාවුන් දඩයම සදහා වෙඩි තැබීම් සම්බන්ධයෙන් බොහෝ සත්ව සංවිධාන විසින් දිගින් දිගටම චෝදනා කර තිබුණා.

තාරාවුන් ඇතුලූ පක්ෂීන් දඩයම හේතුවෙන් දේශීය පක්ෂි ගහනයෙහි සීඝ්‍ර අඩුවීමක් සිදුව ඇති බවද සත්ව සංවිධාන පෙන්වා දෙනවා.

වික්ටෝරියා හි තාරාවුන් දඩයම් අත්හිටුවන්නැයි පළමුවරට ඉල්ලීම් ඉදිරිපත් වූයේ මීට වසර 17 කට පමණ පෙර සිටයි.

කෙසේවෙතත් මෙම නීතිය බලාත්මක කිරීමට එරෙහිව දඩයම්කරුවන් මෙන්ම ඇතැම් සංගම්ද සිය විරෝධය පල කර තිබෙනවා.

ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ සත්ව දඩයමෙහි නිරතවීම පුද්ගල මානසික සෞඛ්‍යයට හිතකර බවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »