
ඩාර්වින් ආසන්නයේදී හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් අමෙරිකානු හමුදා සෙබලුන් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ටිවි දූපත ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණේ අමෙරිකාවට අයත් බෙල් බෝයිං වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙනුයි.
ඔස්ටේ්‍රලියානු සහ අමෙරිකානු හමුදා සෙබලුන් පිරිසක් ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් සිදුකරමින් පවතින අවස්ථාවක මෙම අනතුර සිදුවී තිබුණා.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවටයි වාර්තා වන්නේ.
ඩාර්වින් සිට කිලෝමීටර් 60 ක් පමණ දුරින් පැවැත්වෙන මෙම හමුදා අභ්‍යාසයට හමුදා සෙබලුන් 2,500 කට වැඩි පිරිසක් සහභාගී වී සිටිනවා.
