ඔස්ට්‍රේලියාවේ Domino’s රැකියා ගැන විශේෂ දැනුම්දීමක්

අළෙවිය පහත වැටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව ඇතුලූ රටවල් කිහිපයක ක්‍රියාත්මක ඩොමිනෝස් පීසා අවන්හල් ජාලයේ රැකියා කප්පාදුවක් සිදු කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රැකියා 200 ක් පමණ අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

ගතවූ මාස 12 තුළදී ලොව පුරා නව අලෙවි සැල් 395 ක් විවෘත කිරීම හමුවේ පෙර වසරට වඩා සියට 2.2 කින් පමණ ඩොමිනෝස් පීසා අලෙවිය ඉහළ ගොස් තිබෙනව.

එහෙත් පීසා මිළ ඉහළ යෑම, බෙදා හැරීමේ ගාස්තු වැඩි අගයක් ගැනීම වැනි කරුණු මත ඔවුන්ගේ ලාභය අඩුවී තිබෙනවා.

මේ වන විට ඩෙන්මාර්කයේ සියලූම ඩොමිනෝස් පීසා අවන්හල් වසා දමා ඇති අතර තවත් රටවල් කිහිපයක අවන්හල් කිසියම් ප්‍රමාණයක් වසා දැමීමටයි නියමිතව ඇත්තේ.

මේ හරහා 2023-2024 මූල්‍ය වර්ෂයේදී ඔවුන් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන මුදල ඩොලර් මිලියන 50 ත් 60 ත් අතර වනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »