Search

Woolworths ලාභයත් ඉහළට – සොරකම්වලත් වැඩිවීමක්

පසුගිය මූල්‍ය වර්ෂය තුළ වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ වාර්ෂික ශුද්ධ ලාභය ඩොලර් බිලියන 1.6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 4.6 ක ඉහළයාමන් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

2022/23 මූල්‍ය වර්ෂයේදී වූල්වර්ත්ස් හි අලෙවිය ඩොලර් බිලියන 64.3 ක් දක්වා වර්ධනය වී ඇත්තේ සියයට 5.7 කිනුයි.

ඉන් ඩොලර් බිලියන 48 ක්ම ආහාර අලෙවියෙන් ලැබු ආදායම බවටයි ගණන් බලා ඇත්තේ.

Everyday Rewards හරහා පාරිභෝගිකයින් වූල්වර්ත්ස් වෙළසැල් වෙත පැමිණිම ආදායම් වාර්තා ඉහළ යාමට හේතු වී තිබෙනවා.

සිය ලාභය ඉහළ අගයක් ගැනුන ද පාරිභෝගිකයින්ගේ ජීවන වියදම් අර්බුදය එළෙසම පවතිනු ඇති බවටයි වූල්වර්ත්ස් අනාවැකි පළකරන්නේ.

මේ අතර වූල්වර්ත්ස් වෙළඳසැල් ආශ්‍රිත සොරකම්වල ඉහළයෑමක්ද මෙම කාලසීමාවේදී සටහන්වී තිබෙනවා.

ඒ අනුව රට පුරා වෙළඳසැල් 473 ක නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් මෙම තත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවයි වූල්වර්ත්ස් බලධාරීන් පෙන්වා දෙන්නේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »