NSW හි kindergarten සිට සංඥා භාෂාව ඉගැන්වීමට යයි

නිවු සවුත් වේල්ස් හි පාසල්වල kindergarten සිට 10 ශ්‍රේණිය දක්වා සංඥා භාෂාව ඉගැන්වීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ශ්‍රවණාබාධිත සිසුන්ට පහසුවක් වීම මෙන්ම සංඥා භාෂා පරිවර්තකයන්ගේ පවතින හිගය මගහරවා ගැනීමට එය ඉවහල් වනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් මෙය හැදෑරීම අනිවාර්ය නොවන අතර කැමති සිසුන්ට පමණක් විෂයක් ලෙස හැදෑරිය හැකියි.

2026 වසරේ සිට නිවු සවුත් වේල්ස් විෂය මාලා සඳහා සංඥා භාෂාව ඇතුළත් කෙරෙනු ඇති.

ඒ සඳහා විෂය මාලා සකස් කිරීම සහ ගුරුවරුන් පුහුණු කිරීම ඉදිරි වසර 02 තුළදී සිදු කිරීමට නියමිතයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »