Search

Coles හි වාර්ෂික ලාභය $ බිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන කෝල්ස් හි පසුගිය මූල්‍ය වර්ෂයේ ලාභය ඩොලර් බිලියනය (1.09) ඉක්මවා තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 4.8 කින් ලාභය ඉහළ යාමක් බවටයි තකසේරු කර ඇත්තේ.

පසුගිය මූල්‍ය වර්ෂයේදී කෝල්ස් විසින් ලබා ඇති විකුණුම් ආදායම සියයට 5.9 කින් වැඩිවී ඇත්තේ ඩොලර් බිලියන 40.5 ක් දක්වායි.

සතිපතා විශේෂ දීමනා යටතේ පාරිභෝගිකයින් හට වාසි රැසක් අත්කර දීම මගින් මෙලෙස වාර්තාගත ලාභයක් ලබා ගැනීමට හැකිවු බවයි කෝල්ස් ප්‍රධාන විධායක නිළධාරී සඳහන් කළේ.

කෙසේවෙතත් ඉදිරියේ දී නැවුම් එළවලූ සහ පළතුරු ආශ්‍රිත නිශ්පාදන මිල පහත වැටීමක් සිදු වුව ද බේකරි නිශ්පාදනවල මිලෙහි පහත වැටීමක් අපේක්ෂා නොකරන බවටයි අනාවැකි පළවන්නේ.

එසේම මෙම වසරේ සිව්වන කාර්තුවේ කෝල්ස් හි භාණ්ඩවල අගය සියයට 5.8 කින් පමණ අඩුවනු ඇති බවටද පුරෝකතනය කර තිබෙනවා

පාරිභෝගීකයින් ගේ වැඩි රුචිකත්වය මත උසස් හා ප්‍රමිතියෙන් යුත් නිශ්පාදන පහසු මිල ගණන් යටතේ පාරිභෝගිකයින් වෙත ලබා දීම තම අභිප්‍රාය බව කෝල්ස් පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »