ශ්‍රවණ සැත්කම් වැරදුණු ඇඩිලේඩ් දරුවන්ට වන්දි

ඇඩිලේඩ් ළමා රෝහල්වල සිදු කළ ශ්‍රවණාධාර සවිකිරීමකදී අගතියට පත් ළමුන් සඳහා වන්දි මුදල් ලබා දීමට දකුණු ඔස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබෙනවා.

වසර 17 කට පසු සිදු කල සමාලෝචනයකදී පෙනී ගොස් ඇත්තේ 2006 වසරේ සිට කොක්ලියර් නම් මෙම ශ්‍රවණාධාර සවි කල ළමුන් 208 දෙනෙකුට පමණ එමගින් අහිතකර ප්‍රථිඵල උදාවී ඇති බවයි.

එහිදී බරපතල සංකූලතා ඇති වු 30 දෙනෙකුට ඩොලර් 50,000 ක වන්දියක් බැගින්ද අනෙක් පිරිසට ඩොලර් 5,000 බැගින්ද වන්දි ලබාදීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

නිසි අධ්‍යයනයකින් තොරව ළමුන් සදහා ශ්‍රවණාධාර සවිකිරීම මගින් ඔවුනට පැවති ආබාධ තවදුරටත් වර්ධනය වී අතුරු ප්‍රතිඵල රැසකටද දරුවන් මුහුණ පා තිබෙන බවට මෙහිදී සොයාගෙන තිබෙනවා.

රෝහල් ක්‍රියාමාර්ග, ප්‍රතිපත්තිමය ගැටලූ සහ සායනික පුහුණුවල පවතින අඩුපාඩුකම් මෙම තත්වය වර්ධනය වීමට හේතුවී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි සිදුවීමක් ඉදිරියේදී නැවතත් ඇතිවීම වළක්වාලීම සඳහා රෝහල් පද්ධතිය තුළ නිසි පුහුණුවක් සහ නිසි තාක්ෂණික පියවර අනුගමනය කරන බවට දකුණු ඔස්ට්‍රේලියානු රෝහල් බලධාරීන් සහතික වනවා.

එසේම නව දරු උපත් සඳහා ශ්‍රවණ උපකරණ සවි කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 1.3 ක මුදලක් වෙන් කිරීමටයි ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »