ගමන් වියදම් මුදල ඉහළ දමන්නැයි regional ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් ඉල්ලීමක්

වෛද්‍යාධාර හෝ ප්‍රතිකාර සඳහා ගමන් වියදම් ලෙස ලැබෙන මුදල ඉහළ දමන්නැයි regional ප්‍රදේශවල වාසය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉල්ලීමක් කරනවා.

දැනට ක්‍රියාත්මක වනුයේ 2012 වසරේදී අනුමත කරන ලද ගෙවීම් ක්‍රමයක් වන අතර එහිදී එක් රාත්‍රියක පහසුකම් සඳහා හිමිවන්නේ ඩොලර් 60 ක උපරිම මුදලක් පමණයි.

කෙසේවෙතත් නවාතැන් ගාස්තු – ආහාර – ඉන්ධන සහ ප්‍රවාහන වියදම් ඉහළයාමත් සමග මේ වනවිට එම මුදල කිසිදු ආකාරයකින් ප්‍රමාණවත් නොවන බව සඳහන්.

දුෂ්කර ප්‍රදේශවල ඔසුසැල් හෝ වෛද්‍යවරයෙකු වෙත යාමට ඇතැම්විට දීර්ඝ කාලයක් ගතවන බැවින් එම මුදල වහා ඉහළ දැමිය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජයන් මට්ටමින් මේ පිළිබඳ අවධානය යොමුකල යුතු බවයි regional ප්‍රදේශවල වාසය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉල්ලීමක් කරන්නේ.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »