$ මිලියනයක ලොතරැයි ත්‍යාග මුදල වසර 02 කට පසු ගත් කාන්තාවක්

ඩොලර් මිලියනයක ලොතරැයි ජයග්‍රහණයකට අදාල ත්‍යාග මුදල වසර 02 කට පසුව ලබාගත් කාන්තාවක පිළිබඳ පුවතක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

2021 වසරේ ජූලි 12 වනදා ඇය විසින් division 01 කාණ්ඩයට අයත් මෙම ජය අත්කරගෙන තිබුණා.

එය ලියාපදිංචි නොකල එකක් බැවින් ලොතරැයි බළධාරීන්ට මෙම කාන්තාව සම්බන්ධ කරගැනීමට අසීරුව පැවති බව සඳහන්.

අහඹු ලෙස මෙම ලොතරැයිය පිළිබඳ මතකයට පැමිණීමත් සමග එහි දිනුම් අංක විමසා තමන්ට ඩොලර් ලක්ෂ 10 ක ත්‍යාගයක් හිමි බව දැනගත් බව නිවු සවුත් වේල්ස් පදිංචි මෙම තැනැත්තිය පවසා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ලොතරැයි බළධාරීන්ට අනුව මෙතෙක් දිනුම් අදින ලද ලොතරැයිවල division 01 ජයග්‍රාහකයන් 22 දෙනෙකු ත්‍යාග මුදල් ලබාගැනීමට කටයුතු කර නැහැ.

ඉන් 12 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර – 09 දෙනෙකු ක්වීන්ස්ලන්ඩ් සහ එක් අයෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.

ලොතරැයි ත්‍යාග මුදල් ලබාගත යුතු කාලසීමා සම්බන්ධයෙන්ද එක් එක් ප්‍රාන්තය තුළ නීති බලාත්මක වනුයේ විවිධාකාරයෙනුයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඒ සඳහා වසර 06 ක උපරිම කාලයක් පැවතියද වික්ටෝරියා හි පවතින්නේ මාස 06 ක කාලයක් පමණයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »