Block කිරීම් සීමා කිරීමට “X” සැරසෙයි

එක් ගිණුමකින් සිදුකල හැකි අවහිර කිරීම් හෙවත් block කිරීම් සංඛ්‍යාව සීමා කිරීමට ට්විටර් හෙවත් X සමාජ ජාලය සූදානම් වනවා.

එහි වත්මන් හිමිකරු වන ඉලොන් මස්ක් විසින් නිවේදනය කර ඇත්තේ සෘජු පණිවිඩ (direct message) සඳහා පමණක් එය තවදුරටත් බලපැවැත්වෙනු ඇති බවයි.

කෙසේවෙතත් මෙම යෝජනාව සඳහා පක්ෂ විපක්ෂ අදහස් පළවෙමින් පවතිනවා.

මෙමගින් පුද්ගලිකත්වය ආරක්ෂාප කරගැනීමට බාධා එල්ලවන බවයි බොහෝ පිරිසක් පෙන්වාදී ඇත්තේ.

එමෙන්ම විශේෂාංගය ඉවත් කිරීම ජාත්‍යන්තර සමාජ ජාල රීතීන්ට පටහැණි බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »