ඔස්ට්‍රේලියාවේ විශාලතම නීති විරෝධී e-දුම්වැටි තොගය පර්ත් ගබඩාවකින්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් වටලන ලද විශාලතම නීති විරෝධී e-දුම්වැටි තොගය පර්ත් නගරයේ ගබඩාවකින් වටලා තිබෙනවා.

ටොන් 15 කට ආසන්න බරකින් යුත් එහි e-දුම්වැටි 300,000 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර වටිනාකම ඩොලර් මිලියන 10 කට අධිකයි.

මින් බහුතරයක නිකොටීන් අඩංගු බවටයි සැක කෙරෙන්නේ.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව ඉලෙක්ට්‍රොනික දුම්වැටිවල නිකොටීන් අඩංගු කිරීම නීති විරොධී වනවා.

කිසියම් අයුරකින් මෙම e-දුම්වැටි ලක්ෂ 03 ක තොගය වෙළඳසැල් වෙත පැමිණියේ නම් විශාල පිරිසක් සෞඛ්‍ය අවධානමකට ලක්වන්නට ඉඩ තිබූ බවටයි අනාවැකි පළවන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »