Matildas දිනුවහොත් සිඩ්නි සැමරුම් පෙළපාලියක් – නිවාඩුව සඳුදා හැර දවසක

ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා පාපන්දු අවසාන මහා තරගයේදී මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම ජයගතහොත් සිඩින් නගරයේ දැවැන්ත පෙළපාලියක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සඳහන් කලේ ඒ අනුව ලබන සතියේ සඳුදා හැර වෙනත් දිනයකදී මුලු ප්‍රාන්තයටම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

එම දිනය පුරා සිඩ්නි නාගරික කලාපය ආවරණය වන පරිදි විවිධ සැමරුම් ගණනාවක් සංවිධාන කෙරෙනු ඇති බවද ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියා.

කෙසේවෙතත් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් ආර්ථිකයට කිසියම් බලපෑමක් එල්ලවීම බැහැර කල නොහැකි බවටත් නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කරනවා.

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ස්පාඤ්ඤය සහ ස්වීඩනය අතර හෙට දිනයේදීත් දෙවන අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අනිද්දා දිනයේදීත් පැවැත්වීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »