ලැව්ගිනි අවධානම පාලනය කරගත හැකි බවට සුභවාදී අනාවැකි

ඔස්ට්‍රේලියාවේ පවතින උණුසුම් කාළගුණයත් සමග ලැව්ගිනි ඇතිවීමේ අවධානම පාලනය කරගත හැකි බව කාළගුණ අංශ නිවේදනය කරනවා.

ගෙවුණු වසර තුනක කාලය තුල ඔස්ට්‍රේලියාවේ හරිත කලාප වැඩි වශයෙන් නිර්මාණය කිරීම ඊට හේතු වු බවයි කාළගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

පවතින එල් නිනෝ දේශගුණික තත්වය හමුවේ ඇතැම් ප්‍රදේශ වලට ලැව්ගිණි පැතිරීමේ අවධානම පැවතිය ද එම තත්වය තරමක් අඩුවී තිබෙනවා.

2019 වසරේ පැවති දැඩි නියං කාළගුණය හේතුවෙන් ලැව්ගිණි ව්‍යාප්තවීමේ අවධානම ඉහළ වුව ද මෙම වසර ඊට සාපේක්ෂව දරුනු ලැව් ගිණි තත්වයක් ඇති නොවනු ඇති බවටයි කාලගුණ අංශ අනාවැකි පළකරන්නේ.

ඉදිරියේ දි ඇතිවන ලා නිනා දේශගුණික තත්වය හමුවේ වැඩි වර්ෂාපතනයක් ද අපේක්ෂා කරන බවයි කාළගුණික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

හරිත කළාප හා වනාන්තර පුලූල් කිරීම මගින් රටේ තෙතමනය පවත්වාගැනීමට උපකාරී වු බවද ඔහු වැඩිදුරයත් සඳහන් කරනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »