Search

මිසයිල අත්හදා බැලීමට ඔස්ට්‍රේලියාව යොදාගන්න අමෙරිකාව සැරසෙයි

හයිපර්සොනික් සහ දිගුදුර මිසයිල අත්හදා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු භූමිය යොදාගැනීම කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ අමෙරිකාව – ඔස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය විසින් ඇතිකරගත් (AUKUS) ඕකුස් ආරක්ෂක ගිවිසුමෙහි ප්‍රතිපාදන යටතේයි.

මනුෂ්‍ය වාසයෙන් තොර විශාල භූමි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව සතු බැවින් මිසයිල අත්හදා බැලීම සඳහා සුදුසු වටපිටාවක් එහි අන්තර්ගත බවයි අමෙරිකානු ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

මෙම ගිවිසුම යටතේ ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන කිහිපයක් ද ලැබෙනු ඇති.

මිසයිල අත්හදා බැලීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී ඔස්ට්‍රේලියාව සමග පුලුල්ව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනිමටයි අමෙරිකාව සූදානම් වන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »