ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල තුළ ලිංගික අතවර අවම කිරීමට පුලුල් දැනුවත් කිරීම් මාලාවක්

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ලිංගික අතවර සිදුවීම් අවම කිරීම සඳහා පුලුල් දැනුවත් කිරීම් මාලාවක් සිදුකිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව විෂය මාලාවන් තුලට මේ සම්බන්ධ දැනුවත් කිරීම් ඇතුළත් කිරීමටයි නියමිතව ඇත්තේ.

සෑම සතියක් තුලම සරසවි සිසුන් 275 දෙනෙකු විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළදී ලිංගික අතවරවලට ලක්වන බවයි මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක දැක්වුණේ.

එහෙත් වාර්තා නොවන සිදුවීම්ද සළකා බැලීමේදී සැබෑ දත්ත සංඛ්‍යා මීට වඩා ඉහළ අගයක් ගනු ලබන බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒ සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා මාධ්‍ය ආයතනයක් විසින් විශ්ව විද්‍යාල 39 කින් වාර්තා ඉල්ලා තිබුණද ඇතැම් විශ්ව විද්‍යාල වසර 06 ක් මුලූල්ලේ එම දත්ත ප්‍රසිද්ධ කර තිබුනේ නැහැ.

එබැවින් නිල දත්ත වලට සාපේක්ෂව සැබෑ ලිංගික අතවර සංඛ්‍යාව වැඩි අගයක් ගන්නා බවත් ඇතැම්විට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් තුනෙක් එකක් විශ්ව විද්‍යාල පරිශ්‍ර තුලදී ලිංගික අතවරවලට ලක්වන බවත් ඇතැම් සමීක්ෂණ ආයතන පෙන්වා දෙනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »