වීඩියෝ ක්‍රීඩා සඳහා නැඹුරු වී ඇති ඔස්ට්‍රේලියානුවන් වසර 02 කදී 60% කින් ඉහළට

වීඩියෝ ක්‍රීඩා සඳහා නැඹුරු වී ඇති ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිශතය සියයට 81 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2021 වසරේදී එය පැවතී ඇත්තේ සියයට 21 ක් වැනි පහළ අගයකයි.

සාමාන්‍ය දිනකදී ඔස්ට්‍රේලියානුවෙකු විසින් වීඩියෝ ක්‍රීඩාවල නිරතවන කාලය විනාඩි 90 ක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ගතවූ වසර 02 තුළදී කුමන හෝ වීඩියෝ ක්‍රීඩා උපාංගයක් ඇති නිවාස සංඛ්‍යාව සියයට 94 ක් දක්වා ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

සියයට 93 ක් විනෝදාස්වාදය සඳහාද සමස්තයක් ලෙස සියයට 70 ක් පමණ මානසික සෞඛ්‍යය නංවාගැනීම සඳහාද වීඩියෝ ක්‍රීඩාවල නිරත වන බවයි අනාවරණය වන්නේ.

මෙරට වීඩියෝ ක්‍රීඩාවල නිරත වන සාමාන්‍ය වයස අවුරුදු 35 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දෙමව්පියන් අතුරින් සියයට 91 ක් වීඩියෝ ක්‍රීඩා සඳහා යොමුවී ඇත්තේ දරුවන් සමග සබඳතාවය ඉහළ නංවා ගැනීමේ අරමුණ ඇතිවයි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »