
Jobseeker ඇතුලු සුබසාධන දීමනා කිහිපයක් ලබන සැප්තැම්බර් 20 වනදා සිට ඉහළ දැමීමට ෆෙඩරල් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මේ අනුව දරුවන් නොමැති Jobseeker දීමනා ලබන්නන් සඳහා දැනට සති 02 කට හිමිවන ඩොලර් 693 ක මුදල ඩොලර් 749 ක් දක්වා එනම් ඩොලර් 56 කින් ඉහළයාමට නියමිතයි.
තරුණ දීමනා – ආබාධ ජනතාව සඳහා හිමිවන දීමනා – දෙමාපිය දීමනා ඇතුලු අනෙකුත් සුබසාධන දීමනා සති 02 කට ඩොලර් 40 කින් වැඩි කෙරෙනු ඇති.

ග්‍රීන්ස් පක්ෂය විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා ඇත්තේ මෙම දීමනා දිනයකට ඩොලර් 88 ක් හිමිවන ආකාරයට වැඩි කල යුතු බවටයි.
කෙසේවෙතත් ලේබර් පක්ෂය මෙන්ම ලිබරල් සන්ධානයද විරෝධය පළ කිරීම හමුවේ එම යෝජනාව පරාජයට පත්වී තිබෙනවා.
