වසර 70ක් පුරා මෙල්බන්හි ප්‍රසිද්ධ වූ ඉතාලි ආහාර සමාගමක් වැසේ

දශක ගණනාවක් පුරා මෙල්බර්න් ආහාර ලෝලීන්ට ප්‍රණීත ඉතාලි ආහාර සැපයූ සමාගමක් වසර 70කට පසු වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ආයතනයේ වත්මන් හිමිකරුවන් වන ජෝන් සහ රෝස්මරී පෝටෙලි යන දෙදෙනාම වයස අවුරුදු 70ට ළඟා වෙමින් විශ්‍රාම ගැනීමට සැලසුම් කිරීම හේතුවෙනුයි එනෝටෙකා සිලෙනෝ නම් ආපන ශාලාව වසා දැමීමට පියවර ගෙන ඇත්තේ.

රෝස්මරීගේ පියා වන ජිනෝ ඩි සැන්ටෝ විසින් ආරම්භ කරන ලද සමාගමක් ඔස්සේ සංවර්ධනය වෙමින් වත්මන් තත්වයට පැමිණි මෙම වෙළඳසල ලබන ජුනි මස පළමුවනදා සිට වසා දැමෙනු ඇති.

ජිනෝ ඩි සැන්ටෝ ඔස්ට්‍රේලියාවට ප්‍රථම ජෙලටෝ යන්ත්‍රය රැගෙන විත් තිබුණේ මොලිස් සිට සංක්‍රමණය වීමෙන් පසුවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට පළමුවෙන් ඉතාලි කෝපි යන්ත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවේ ද ජිනෝ ඩි සැන්ටෝ විසින් වන අතර 1950 ගණන්වල ඔහු ඉතාලි කේක් ද ඔස්ට්‍රේලියාවට ද හඳුන්වා දෙනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු නිවාසවල මේ වන විට බහුලව දක්නට ලැබෙන ඉතාලි ප්‍රධාන ආහාර ද ඩි සැන්ටෝ විසින් හඳුන්වා දුන් ඒවා බවයි පැවසෙන්නේ.

මේ අතර සිඩ්නි, කැන්බරා සහ මෙල්බන් හි ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන බොට්ස්වානා බුචරි හි ශාඛා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ස්ථාන මිල අධික මස් විකිණීම සඳහා ප්‍රසිද්ධ වූ අතර මස් දීසියක් රන් කොළවලින් ආවරණය කර අලෙවි කෙරුණේ ඩොලර් 500ක පමණ මුදලකටයි.

ගුඩ් ගෲප් ඕස්ට්‍රේලියා සමාගමට අයත් සිඩ්නි සහ මෙල්බර්න් හි වයිට් වොන්ග්ස් නම් තවත් අවන්හල් දෙකක් දැනටමත් වසා දමා ඇතැයි සඳහන්.

මෙම තත්වය මත අවන්හල් ජාලයේ සේවය කළ 200ක් පමණ වූ සේවකයන්ට ද රැකියා නොමැති තත්වයක් මතුවී ඇති බවයි පැවසෙන්නේ.

සමාගම් බලධාරීන් පැවසුවේ බොට්ස්වානා බුචරි අවන්හල් පාඩු ලබමින් පැවතීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි.

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »