මොරිසන්ට අභියෝග කල දකුණු ආසියානුවෙකු පිටුවහල් කරන්න යයි

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් රහසිගතව සිදුකල ඇමති මණ්ඩල පත් කිරීම් අභියෝගයට ලක් කල ඇෆ්ඝන් ජාතිකයෙකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියෝග කර තිබෙනවා.

එවක ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් විසින් 2021 වසරේදී සිය වීසා බලපත්‍රය අහෝසි කල බවටයි මෙම තැනැත්තා විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ ගොණු කරනු ලැබු පෙත්සමක දැක්වෙන්නේ.

කෙසේවෙතත් එවක අගමැති ස්කොට් මොරිසන් විසින් ඒ වනවිටත් රහසිගතව ස්වදේශ කටයුතු ඇමති ධුරයේ දිවුරුම් දී තිබූ බැවින් තම වීසා බලපත්‍රය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කැරන් ඇන්ඩෲස්ට කිසිදු බලයක් නොමැති බවට මෙම පුද්ගලයා විසින් තර්ක කර සිටියා.

එහෙත් ඔහුගේ තර්කය අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග මෙම පුද්ගලයා රටින් පිටුවහල් වීමේ අවධානමකට මුහුණ පා සිටිනවා.

හිටපු අගමැති මොරිසන් විසින් රහසිගතව ඇමති ධුරවල දිවුරුම් දී තිබීම නීති විරෝධී නොවන බවට නීතිපතිවරයා විසින් දැනටමත් ඔප්පු කර තිබීමයි ඊට හේතුව වන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »