
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජෝ රූට් ට සිකුරාදා දැන්වූ බවයි ඔහු නිවේදනය කලේ.
පසුගිය සතියේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුලූ 600ක් දවාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් ඉතිහාසයේ පස්වන වැඩිම කඩුලූ ලාභියා බවටද පත්වුණා.

ටෙස්ට් තරග 166 ක් වෙනුවෙන් එංගලන්තය නියෝජනය කර ඇති 37 හැවිරිදි බ්‍රෝඩ් එහිදී ලබාගෙන ඇති කඩුලූ ගණන 602 ක්.
අලුබඳුන තරගාවලිය ඔස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර මේ දිනවල ක්‍රියාත්මකයි.
