Search

Gel blaster අලෙවිය තහනම් කිරීම ක්වීන්ස්ලන්ඩ් රජය ප්‍රතික්ෂේප කරයි

සැබෑ ගිණි අවියක් හා සමානව දිස්වන gel blaster නම් ව්‍යාජ ගිණි අවිය අලෙවිය තහනම් කිරීම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියාවේ සෙසු සෑම ප්‍රාන්තයක්ම මෙය තහනම් කර ඇති නමුත් ක්වීන්ස්ලන්ඩ් හි පමණක් කිසිදු බාධාවකින් තොරව එය අලෙවි කල හැකියි.

සැබෑ ගිනි අවියක් හා සමානව දිස්වන බැවින් අපරාධ කල්ලි විසින් මෙය බහුලව භාවිත කරන බවටයි ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් අපරාධ මර්දනයට ක්වීන්ස්ලන්ඩ් හි ඇති නීති ප්‍රමාණවත් බැවින් තරුණ ප්‍රජාව අතර සෙල්ලම් භාණ්ඩයක් ලෙස ජනප්‍රිය මෙය තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය අවධාරණය කර සිටින්නේ.

https://www.9news.com.au/national/gel-blasters-queensland-restrict-sales-queensland-government/b3d49458-b64e-44e8-9ec4-c58b0c49e740

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »