Search

සිඩ්නි ජල සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

වැටුප් සහ සේවා කොන්දේසි එකගතා කඩ කිරීම් පදනම් කරගනිමින් වැඩ වර්ජනයක් සිදුකිරිමට සිඩ්නි ජල සේවකයන් සූදානම් වනවා.

පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡා බිඳ වැටීමත් සමග කොමිසම වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කල බවයි ඔවුන් සඳහන් කලේ.

මෑත කාලීනව සිඩ්නි ජල සේවකයන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේද වැටුප් ගැටලු පදනම් කරගනිමින් බවටයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.

කිසියම් අයුරකින් සිඩ්නි ජල සේවකයන් වර්ජනයක නිරත වුවහොත් නිවු සවුත් වේල්ස් හි ලක්ෂ 53 ක් පමණ වන පදිංචිකරුවන්ට සැළකිය යුතු බලපෑමක් වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

මේ අතර සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »