Search

නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අද ප්‍රකාශයට

දැඩි ආන්දෝලනයට තුඩුදුන් ෆෙඩරල් නිවාස පණත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මීට මාසයකට පමණ පෙර මෙම පණත් කෙටුම්පත පළමුවරට පාර්ලිමේන්තුවේදී සළකා බැලුණු අවස්ථාවේදී පරාජයට පත්වුණා.

ලබන සතියේදී පාර්ලිමේන්තුව නැවත රැස්වීමත් සමග නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පණත් කෙටුම්පත යළි ඉදිරිපත් කෙරෙනු ඇති.

විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර එහිදීද පණත් කෙටුම්පත පරාජයට පත්වුවහොත් හදිසි මහ මැතිවරණයක් කැඳවීමට අගමැති ඇන්තනී ඇල්බනීස් ට සිදුවනවා.

නිවාස කුළී ඉහළ දැමීම් සම්බන්ධ උපරිම සීමාවක් පැණවිය යුතු බවට අදහස් දක්වමිනුයි ග්‍රීන්ස් පක්ෂය විසින් මෙම පණත් කෙටුම්පතට විරෝධය දක්වනු ලැබුවේ.

සමාජ නිවාස ව්‍යාපෘතියක් සඳහා ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සහිතවයි ලේබර් පක්ෂ රජය විසින් මෙම පණත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »