අසාධ්‍ය රෝගීන් ගැන තීරණයක් ගන්න Northern Territory වාසීන්ටත් අවසර

සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත නොහැකි පුද්ගලයන්ගේ ඥාතීන් හෝ සමීප මිතුරන්ට ඒ සඳහා බලතල පැවරෙන නීතිය Northern Territory ප්‍රාන්තය විසින් ද සම්මත කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සමාන අයුරින් මෙම නීතිය Northern Territory හිදීත් බලාත්මක වනු ඇති.

හදිසි රෝග අවස්ථා – මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඇතුලු තීරණාත්මක සෞඛ්‍ය අවස්ථාවලදී රෝගීයාට තීන්දුවක් ගත නොහැකි නම් එම බලතල නම් කරන ලද සමීපමයන්ට පවරාදීමයි මෙහිදී සිදුවන්නේ.

මෙමගින් විශේෂයෙන් Northern Territory හි වාසය කරන ස්වදේශික ජනතාවට විශාල පහසුවක් අත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.abc.net.au/news/2023-07-27/nt-public-trustee-healthcare-laws-back-relatives-decision-making/102657802

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »