
ඉදිරි වසර 03 තුළදී සමස්ත ඔස්ට්‍රේලියාව පුරා නව අවන්හල් 100 කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සැළසුම් කර තිබෙනවා.
එමෙන්ම දැනට පවතින අවන්හල් වැඩි දියුණු කිරීමටද නියමිතයි.
මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ.

1990 දශකයෙන් පසු මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය විසින් කිසියම් රටක සිදුකරන දැවැන්තම ආයෝජන ව්‍යාපෘතිය මෙය බවයි පැවසෙන්නේ.
2025 වසරර වනවිට ඔස්ට්‍රේලියාව තුළ සක්‍රීය මට්ටමේ පවතින මැක්ඩොනල්ඩ්ස් අවන්හල් සංඛ්‍යාව මේ අනුව 1,100 ඉක්මවා යාමට නියමිතයි.

මේ හරහා බිහිවනු ඇති බවට පුරෝකථනය කර ඇති නව රැකියා සංඛ්‍යාව 40,000 කට අධික බව සඳහන්.