වික්ටෝරියා නිවාස කුළී ඉහළ දැමීම වසර 02 කට එක් වරක් පමණක් කරන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීමට ප්‍රාන්ත රජය විසින් තීරණ රැසක් ගැනීමට නියමිත බවට වාර්තා පළවනවා.

අදාළ යෝජනා කවරේදැයි හෙළිකල නොහැකි නමුත් නිවාස හිමියන් සහ කුළී නිවැසියන් යන දෙපාර්ශවයටම අවාසියක් නොවන ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

නිල නොවන වාර්තා පවසන්නේ වසර 02 කට එක් අවස්ථාවකදී පමණක් නිවාස කුළී ගාස්තු ඉහළ දැමීමකට අවසර දීමේ යෝජනාවක්ද මේ අතර වන බවයි.

දැනට සෑම මාස 12 කට වරක් බැගින් එලෙස කුළී ගාස්තු ඉහළ දැමීමට වික්ටෝරියා නිවාස හිමියන්ට අවසර පවතිනවා.

මීට අමතරව කෙටි කාලීන නවාතැන් සඳහා නව බද්දක් අය කිරීම කෙරෙහිද වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »