Search

ඔප්ටස් සමාගමට එරෙහිව 100,000 කගෙන් නඩුවක්

පසුගිය වසරේදී ඔප්ටස් සමාගමේ සිදුවූ මහා පරිමාණ දත්ත වංචාවට අදාළව පාරිභෝගිකයන් 100,000 ක් පමණ නියෝජනය කරමින් නඩුවක් පවරා තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂාව සැලසීමට අපොහොසත්වීම සහ පුද්ගලිකත්වය සුරැකීමට නොහැකිවීම පාදක කරගෙනයි මෙම නීති පියවර ගෙන ඇත්තේ.

ඔප්ටස් දත්ත වංචාවේදී ඔස්ටේ්‍රලියානුවන් මිලියන 10 කගේ පමණ දත්ත පැහැර ගැනීමට ලක්වූ අතර ඉන් මිලියන 2.8 කගේ පමණ අතිශය සංවේදී තොරතුරු වන විදේශ ගමන් බලපත්‍ර – රියදුරු බලපත්‍ර සහ මෙඩිකෙයාර් අංක අවභාවිත වී ඇතැයි සඳහන්.

මෙම සයිබර් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අදාළ වංචාකරුවන් විසින් ඔප්ටස් ගණුදෙනුකරුවන් 10,200 කගේ පමණ පුද්ගලික දත්ත අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

ඔවුන් විසින් ලබාගෙන ඇති මුලු දත්ත ප්‍රමාණය ටෙරාබයිට් 20 ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »