ඉදිරි දින 02 තුළදී ප්‍රාන්ත 02 කට දැඩි ශීත කාළගුණයක්

ඉදිරි දින 02 තුළදී ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට දැඩි ශීත කාළගුණයක් පැවතිය හැකි බවට අනාවැකි පළවනවා.

සාමාන්‍යයෙන් මාසයකදී ලැබෙන වර්ෂාපතනය ඉදිරි දින 02 තුළදී ක්වීන්ස්ලන්ඩ් ඇතැම් ප්‍රදේශවලට පතිත විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මිලිමීටර් 30 ත් 50 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කල හැකියි.

පසුගිය සතිය පුරා සමස්ත රටෙහිම පැවතී ඇත්තේ ඉතා අවම මධ්‍යයන උෂ්ණත්වයක් බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

මෙල්බන් – බ්‍රිස්බන් – කැන්බරා – සිඩ්නි – ඇඩිලේඩ් යන නගරවල අද දිනයේදී සෙල්සියස් අංශක 12 ත් 15 ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක් පැවතිය හැකියි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »