බටහිර ඔස්ට්‍රේලියාවේ ගිණි අවි නීති දැඩි වෙයි

ගිණි අවි මිළදී ගැනීම සඳහා අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයෙකුට බලපැවැත්වෙන පරිදි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් නව නියමයක් පණවා තිබෙනවා.

ඒ අනුව ඔවුන් අනිවාර්ය මානසික පරීක්ෂණයක ලක්වීම අනිවාර්ය වනු ඇති.

බටහිර ඔස්ට්‍රේලියාවේ වසර 50 ක් පමණ පැරණි ගිණි අවි රෙගුලාසි වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ වැඩපිළිවෙලේ එක් අධියරක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

වෙඩි වැදීම් හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ පසුගිය වසර තුළදී පුද්ගල මරණ 20 ක් වාර්තා වූ අතර ඉන් අඩකට පමණ හේතුවී තිබුණේ මානසික ගැටලු බව සඳහන්.

ගිණි අවි සම්බන්ධයෙන් මෙවැනි දැඩි නීති මාලාවක් පණවන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවටද මේ අනුව බටහිර ඔස්ට්‍රේලියාව පත්වනවා.

කිසියම් අයෙකුට ගිණි අවියක් ලබාගැනීමට අවශ්‍යනම් පළමුවෙන් මානසික සෞඛ්‍ය වාර්තාවක් ලබාගත යුතු අතර අවසන් අනුමැතිය ලබාදීම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් සිදුකරනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »