e-දුම්වැටි අධෛර්යමත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියාවෙන් $ මිලියන 2 ක්

ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය අධෛර්යමත් කිරීම සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 2 ක නව ප්‍රචාරණ වැඩපිළිවෙලක් සැළසුම් කර තිබෙනවා.

තරුණ ප්‍රජාව එහිදී වැඩි වශයෙන් ඉලක්ක කෙරෙනු ඇති අතර සමාජ මාධ්‍ය ඇතුලු අංශ කිහිපයක සති 08 ක් පුරා එම දැන්විම් පළකිරීමට නියමිතයි.

ජනප්‍රිය ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඇතුලු විවිධ පාර්ශව යොදාගෙන මෙම දැන්වීම් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයේදී සිරුරට සිදුවන හානිය සම්බන්ධයෙන් මෙම ප්‍රචාරණ වැඩපිළිවෙලේදී දැනුවත් කෙරෙනු ඇති.

සාමාන්‍ය දුම්වැටි භාවිතයේ ඇති අවධානම පිළිබඳ වෙනම දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩපිලිවෙලක්ද ඉදිරි මාසවලදී ආරම්භ කිරීමටයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානමින් සිටින්නේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »