අද දින වික්ටෝරියානුවන්ට කොරෝනා නීති ලිහිල් වීමට අදාල වෙනස්වීම් මෙසේය​.

අද දින වික්ටෝරියානුවන්ට කොරෝනා නීති ලිහිල් වීමට අදාල වෙනස්වීම් මෙසේය​.

Victorians ditch face masks outside and welcome eased COVID-19 restrictions.

වික්ටෝරියානු අගමැති Daniel Andrews ඊයේ (22) උදෑසන සිදුකල මාධ්‍ය හමුවේදී වික්ටෝරියානුවන් COVID සාමාන්‍ය තත්වයට පත්වීම  සඳහා වන අදියරට අදාල නීති ලිහිල් කිරීම් පිළිබඳ අදහස් දැක්වීය​. 

ඒ අනුව​, ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරුනු නීති පහතින් දැක්වේ.

වික්ටෝරියානුවන්ට දිනකට තම නිවස තුළට​ අමුත්තන් 15 දෙනෙකුට පැමිණිය හැකිය​. එළිමහනේ පුද්ගලයින් 50 දක්වා රැස්විය හැකිවේ.

ආපනශාලා, මත්පැන්හල් සහ බාර් ඇතුළුව ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා වන මුළු ධාරිතාව 300 දක්වා වැඩි වනු ඇත. සියලුම ස්ථාන සඳහා QR කේත වාර්තා තබා ගැනීම අනිවාර්ය වේ.

කුඩා ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා උපරිම ගනුදෙනුකරුවන් 50 ක් වන අතර​ සෑම වර්ග මීටර දෙකකටම එක් පුද්ගලයෙකු බැගින් රැස් වීමේ සීමාව පවතී. විශාල ආගන්තුක සත්කාරක ස්ථාන සඳහා පුද්ගලයින් 150 දක්වා ඉහළ යනු ඇති අතර වර්ග මීටර හතරකට එක් අයෙකු බැගින් රැස් වීමේ සීමාව පවතී.

ගෘහස්ථව මංගල උත්සව, අවමංගල්‍ය හා ආගමික උත්සව සඳහා උපරිම පුද්ගලයින් 150 දක්වා ඉහළ යනු ඇත.

COVID ආරක්ෂිත සැලසුමකට යටත්ව උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල පහසුකම් නැවත විවෘත වේ.

සිනමා ශාලා, ගැලරි සහ කෞතුකාගාරවලට ගෘහස්ථව පුද්ගලයින් 150 ක් පමණ සිටිය හැකිය.

ව්‍යායාම ස්ථානවල​ ධාරිතාව උපරිම වශයෙන් පුද්ගලයින් 150 ක් දක්වා, 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් සහ වර්ග මීටර හතරකට එක් අයෙකු දක්වා සීමාව පවතී.

ප්‍රජා සමාජ  ක්‍රීඩා වැඩිහිටියන්ට මෙන්ම ළමයින්ටද ආරම්භ කළ හැකිය – ගෘහස්ථව කණ්ඩායම් 20 ක් 150 දෙනෙකු ඇතුලුව​ සම්බන්ධ විය හැකි අතර​ වන අතර එළිමහනේ කණ්ඩායම් 50 ක් 500 දෙනෙකු ඇතුලුව​ සහභාගී විය හැකිය​.

සඳුදා සිට සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යන විට එළිමහනේ මුහුණු  ආවරණ​ තවදුරටත් අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, ඒවා ගෘහස්ථ ක්‍රියාකාරකම් වලදී අවශ්ය වනු ඇත.

දෙසැම්බර් 13 සිට වික්ටෝරියානුවන්ට යැපෙන්නන් ද ඇතුළුව එක් දිනක් තුළ පුද්ගලයින් 30 දෙනෙකු තම නිවෙස්වලට පිළිගැනීමට අවසර දෙනු ලැබේ.

(Image:MSN)

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »