
ක්‍රීඩා සමාජ අවන්හල්වල Deep Fryer භාවිතය තහනම් කල යුතු බවට Dandenong නාගරික කවුන්සිලය විසින් ගෙන ඒමට යන යෝජනාවට පාර්ශව රැසක් අප්‍රසාදය පළකර තිබෙනවා.
සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාදිය යුතු බවට තර්ක කරමින් Deep Fryer වෙනුවට Air Fryer භාවිත කල යුතු බවයි ඔවුන් දැනුම් දී ඇත්තේ.
කෙසේවෙතත් මෙය තමන්ගේ ආදායම අඩුවීමට හේතුවිය හැකි බවටයි පාපන්දු ඇතුලු ක්‍රීඩා කිහිපයක ක්‍රීඩා සමාජ පෙන්වා දෙන්නේ.

Deep Fryer හරහා වරකට chips කෝප්ප 10-12 ත් අතර සංඛ්‍යාවක් සකස් කල හැකි වුවද Air Fryer හරහා සිදුකල හැකි වනුයේ කෝප්ප 01-02 ත් අතර සංඛ්‍යාවක් පමණක් බවද ඔවුන් සඳහන් කර සිටිනවා.
දීර්ඝ කාලයක සිට පැවත එන ඔස්ට්‍රේලියානු සම්ප්‍රදායන් වෙනස් කිරීමෙන් වළකින ලෙසයි මේ අතර ක්‍රීඩා ලෝලීන් ඉල්ලා සිටින්නේ.
