
මෙම වසරේ මාර්තු කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් දර්ශකය සියයට 0.8 කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව වාර්ෂික ඉහලයාම සියයට 3.7 ක් ලෙසයි එය සටහන් වී ඇත්තේ.
මෙය 2012 වසරේ සැප්තැම්බර් කාර්තුවෙන් පසු වැටුප් පරිමාණය වාර්ෂිකව සටහන් කල ඉහළම අගයයි.

පුද්ගලික අංශයේ වැටුප් අගයන් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබීම මීට ප්‍රධාන හේතුවයි.
කෙසේවෙතත් මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා සිදුකල වැටුප් වැඩි කිරීම්ද සමග මීලග කාර්තුවේදී වැටුප් දර්ශකය තවත් වැඩිවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.
