ඔස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාව දක්වා තනිවම යාත්‍රා කර වාර්තාවක් තැබීමේ උත්සාහයක්

යොවුන් මානසික රෝගීන් සඳහා ආධාර සෙවීමේ අරමුණින් පර්ත් පදිංචිකරුවෙකු නව වාර්තාවක් පිහිටුවීමේ උත්සාහයක නිරත වනවා.

රොබ් බාර්ටන් නම් මෙම තැනැත්තාගේ උත්සාහය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා තනිවම රුවල් ඔරුවක් මගින් ගමන් කිරීමයි.

කිලෝමීටර් 8,000 ක් පමණ වන මෙම චාරිකාව පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ කර ඇති අතර අද වනවිට දින 86 ක් ගතවී තිබෙනවා.

සිය ගමනාන්තයට ළගාවීම සඳහා අවම වශයෙන් සැප්තැම්බර් හෝ ඔක්තෝබර් පමණ විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

සෑම පැය 50 කටම වරක් පැය 04 ක නින්දක් පමණක් ලබා ගන්නා අතර මේ වනවිට රොබ් බාර්ටන් විසින් එක් රැස් කරගෙන ඇති ආධාර මුදල ඩොලර් 100,000 කට ආසන්නයි.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »