
විදෙස්ගතව සිට පැමිණි එකම පවුලේ දෙදෙනෙකුට සරම්ප ආසාධනය වීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් විසින් සෞඛ්‍ය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 14 වනදා මොවුන් කටාර් හි දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් සිඩ්නි දක්වා පැමිණ ඇති බව සඳහන්.
එදින සිට ජූලි 20 වනදා දක්වා කාලය තුළ මෙම ආසාධිතයන් දෙදෙනා අවන්හල් – ෆාමසි – වෙළඳ සංකීර්ණ ඇතුලු ස්ථාන කිහිපයක ගමන්කර ඇති බවටයි අනාවරණය වන්නේ.

අදාළ අවධානම් ස්ථානවල සිටි පුද්ගලයන් දින 14 ක කාලයක් යනතුරු සරම්ප රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.
මෑතකාලීනව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම සරම්ප ආසාධිතයන් වාර්තා වුණා.
