ඔස්ට්‍රේලියා අත්‍යවශ්‍ය සේවක ආදායමෙන් 2/3 ක් නිවාස වෙනුවෙන්

ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවකයන්ට සිය ආදායමෙන් 2/3 ක් වැය කිරීමට සිදුවී ඇත්තේ නිවාස කුළී ගෙවීමට හෝ ණය වාරික ගෙවීමට බව අනාවරණ වී තිබෙනවා.

aged care – ආගන්තුක සත්කාර – තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන වැනි අංශ 15 ක සේවකයන් ඒ අතර වන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

2020 වසරේ මාර්තු සිට අත්‍යවශ්‍ය සේවකයන්ට සිය සතියක වැටුපෙන් අවම වශයෙන් පැය 06 ක ආදායම හෙවත් වසරකට දින 37 ක ආදායම වැය කිරීමට සිදුවී ඇත්තේ කුළී වාරික වැඩිවීම් පියවීමට පමණක් බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

සමස්ත ආදායමෙන් වෙනත් කටයුතු සඳහා වැය කිරීමට ඉතුරු වනුයේ සියයට 30 ක් වැනි සුලු ප්‍රතිශතයක් පමණක් බවයි පැවසෙන්නේ.

මෙම තත්වය වළකාලීමට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය නම් ෆෙඩරල් රජය විසින් අඩු පිරිවැය නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීම බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »