Search

නව මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතා නව ප්‍රමිතීන්

අලුතින් මිළදී ගන්නා මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් විද්‍යුත් මෝටර් රථ සඳහා යොමු කරවීමත් – වායු දූෂණය හැකිතාක් අවම කිරීමත් එහි අරමුණු වන බවයි බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් සඳහන් කලේ.

සංවර්ධිත රටවල් අතුරින් ඉන්ධන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වාදෙන ලොව දෙවන රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.

මේ හරහා වසරකට එක් රියදුරෙකු විසින් ඉන්ධන සඳහා වැයකරන මුදල ඩොලර් 519 කට ආසන්න අගයකින් ඉතුරු කරගැනීමට අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියානුවන් විද්‍යුත් මෝටර් රථ සඳහා නැඹුරුවීම ඉතා පහළ අගයක පවතින බවටයි අනාවරණය වන්නේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »