
දැඩි සුළං තත්වය හමුවේ වසා දැමුණු සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථ සියල්ල නැවත විවෘත කර තිබෙනවා.
ඒ අනුව ධාවන පථ 03 ම මේ වනවිට ක්‍රියාත්මක බවයි සිඩ්නි බළධාරීන් සඳහන් කලේ.
අද පෙරවරුවේ එයින් සක්‍රීයව පැවතුණේ එක් ධාවන පථයක් පමණයි.

එබැවින් ගුවන් ගමන්වල තරමක ප්‍රමාදයක්ද හටගෙන තිබුණා.
මෙහි බලපෑම අද දිනය පුරා පැවතිය හැකි බැවින් ගුවන් ගමන්වල ප්‍රමාදයන් අපේක්ෂා කෙරෙන බවයි සිඩ්නි ගුවන් තොටුපළ නිවේදනය කර සිටින්නේ.
