අමෙරිකාවේ අලුත්ම මිසයිල ව්‍යාපෘතියට ඔස්ට්‍රේලියානු සමාගමක සහය

නවතම හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු සමාගමක සහාය ලබාගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පැයට කිලෝමීටර් 6,174 ත් 8,600 ත් අතර වේගයකින් ගමන් කල හැකි නැවත භාවිත කල හැකි ගුවන් යානයක් නිපදවීමයි සිඩ්නි හි ස්ථාපිත මෙම සමාගමට පැවරී ඇති ප්‍රධාන කාර්යය වන්නේ.

මෙවැනි යානයකට සිඩ්නි සිට පර්ත් දක්වා ගොස් නැවත පැමිණීමට එනම් කිලෝමීටර් 6,580 ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ පැයක පමණ කාලයක් පමණයි.

මෙහි මූලික අත්හදාබැලීම් ලබන වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියට සමගාමීව රුසියාව සහ චීනය විසින්ද වෙනත් ප්‍රහාරක ගුවන් යානා ව්‍යාපෘතියක්ද ආරම්භ කරනු ඇති බවයි පැවසෙන්නේ.

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »