
2023 – 24 මුල්‍ය වර්ෂය සඳහා වන ටස්මේනියා ප්‍රාන්ත Skilled Visa වැඩසටහන විවෘත කර තිබෙනවා.
පසුගිය මුල්‍ය වර්ෂය සමග සැසඳීමේදී මෙවර වැඩසටහනේ සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර තිබීම විශේෂත්වයක්.
ටස්මේනියානු Skilled Employment pathway හරහා අයදුම් කළ හැකි සියලූම වෘත්තීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාගත හැකි 190 වීසා සඳහා සුදුසුකම් ලබා දීම මෙවර සිදුකර ඇති ප්‍රධාන වෙනස්කමක්.

ටස්මේනියා ප්‍රාන්තයේ Onshore Skilled Occupation ලැයිස්තුව යාවත්කාලීන කිරීම ද සිදුකර ඇති බවයි ටස්මේනියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.
2023 ජූලි 01 වන දිනට පෙර යොමු කර ඇති නමුත් මේ දක්වා තීරණයක් ලබා නොදුන් භදපසබ්එසදබ සඳහා වන අයදුම්පත්, අයදුම් කරන අවස්ථාවේ පැවති අවශ්‍යතාවලට සහ සුදුසුකම්වලට අනුව අඛණ්ඩව සලකා බැලෙනු ඇති.

නව අවම සුදුසුකම් අවශ්‍යතා බලාත්මක වන්නේ 2023 ජූලි 05 වනදා සිට ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහායි.
SOURCE : SBS