Search

ඔස්ට්‍රේලියාවේ නව සයිබර් ආරක්ෂණ නීති වසර අවසානයට පෙර

සයිබර් අපරාධකරුවන්ට කිසිදු අයුරකින් කප්පම් නොගෙවන්නැයි ඔස්ට්‍රේලියාවේ පළමු සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි ඉල්ලීමක් කරනවා.

කප්පම් මුදල් ගෙවනු ලැබුවද පැහැරගත් දත්ත ප්‍රසිද්ධියට පත් කල අවස්ථා බොහොමයක් මෑතකාලීන ඉතිහාසයේ පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

2023-30 වකවානුවට අදාළව සයිබර් ආරක්ෂණ නව ක්‍රමෝපායක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය අදහස් කර ඇති බවත් ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සයිබර් නීති රැසක වෙනස්කම් සිදුවිය හැකි බවටත් එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි ඉගි පළකරනවා.

බොහෝදුරට මෙම අවසර අවසානය වනවිට එම සියලු සංශෝධන නිල වශයෙන් හඳුන්වාදීමට හැකිවනු ඇති බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඔප්ටස් – ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් – මෙඩිබෑන්ක් වැනි ආයතන වෙත එල්ලවු සයිබර් ප්‍රහාරවල පොදු කරුණක් වූයේ දත්ත මුදාහැරීම වැළැක්වීමට කප්පම් මුදල් ඉල්ලා සිටීමයි.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් ඩොලර් බිලියන 1.7 ක වටිනාකමක් යටතේ හඳුන්වාදීමට නියමිතව තිබූ සයිබර් ආරක්ෂණ ක්‍රමෝපායන් අවලංගු කිරීමටයි වත්මන් ලේබර් රජය කටයුතු කලේ.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »