ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාලවල ස්වදේශික සිසුන් 1% ට අඩුවෙයි

ඔස්ට්‍රේලියාවේ ධනවත්ම විශ්ව විද්‍යාල අති බහුතරයක් ස්වදේශික සිසුන් බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ අවම අගයකින් බව අනාවරණය වී තිබෙනවා.

මෙරට ස්වදේශික ජනගහණය සියයට 3.08 ක් වන නමුත් සමස්ත රටපුරා සරසවිවල සිටින ස්වදේශික සිසුන් ප්‍රතිශතය සියයට 2.06 ක් පමණක් බව සඳහන්.

ධනවත්ම විශ්ව විද්‍යාල 08 සැළකීමේදී එම අගය සියයට 1.17 ක් වැනි අවම අගයක් ගනු ලබන බවයි නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

ස්වදේශික සිසුන් ප්‍රතිශතය අඩුවෙන්ම වාර්තා වන්නේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ වන අතර එය සියයට 0.72 ක්.

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ සියයට 1.17 ක් සහ මෙල්බන් විශ්ව විද්‍යාලයේ සියයට 1.18 ක් ලෙස ස්වදේශික සිසුන් ප්‍රතිශතය සටහන් වනවා.

ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

Read More »

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »