අනුරගේ ඔස්ට්‍රේලියා ගිලන්රථ කථාව අමූලික බොරුවක් – Fact Check වෙබ් අඩවියක් තහවුරු කරයි

ඔස්ට්‍රේලියාවේ ගිලන්රථ සේවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී සිදුකල ප්‍රකාශය පදනම් විරහිත අසත්‍යය එකක් බවට කරුණු තහවුරු කිරීමේ (Fact Check) වෙබ් අඩවියක් වන ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ (fact crescendo) විසින් නිගමනය කර තිබෙනවා.

ඔහු මෑතකදී ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අවසන් කර දිවයිනට පැමිණීමෙන් පසු වත්තල පැවති ආසන බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූණා.

අනුර දිසානායක එහිදී පවසා තිබුණේ ඔස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක් කැඳවූ විට එක් ගිලන් රථයක් යම් දෝෂයකට ලක්වීමේ අවදානම ඇති බැවින්, ගිලන් රථ දෙකක් එකවර පැමිණෙන බවයි.

කෙසේවෙතත් ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ වෙබ් අඩවිය විසින් කල විමසීමකදී අනාවරණය වී ඇත්තේ එවැනි කිසිදු සම්ප්‍රදායක් ඕස්ට්‍රේලියාවේ නොමැති බවයි.

ගිලන් රථ දෙකක් පැමිණෙන බවට කිසිදු පිළිගත හැකි මුලාශ්‍රයක සදහන් නොවන බවද ඔවුන් විසින් තහවුරු කරගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ හිගයක් සහ පුහුණු කාර්ය මණ්ඩල හිගයක් ද පවතින බැවින් ගිලන් රථයක් පැමිනීමට ඉතා දිගු කාලයක් ගතවන බවද එහි සඳහන්.

සෑම ප්‍රාන්තයකින්ම පාහේ ගිලන් රථ සදහා ඇමතුම් ලබාදුන් විට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදයන් සිදුවන අතර කිහිප විටක් ඇමතුම් ලබාගැනීමට සිදුවීම සහ පැය ගණනක් ගිලන් රථයක් පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවන බවයි ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ විසින් තහවුරු කර ඇත්තේ.

එබැවින් ගිලන් රථ දෙකක් පැමිණෙන බවට, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් පවසන ලද ප්‍රකාශය සාවද්‍ය බවට අවසාන වශයෙන් නිගමනය කර තිබෙනවා.

SOURCE :

ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »