
ඔස්ට්‍රේලියාව තුළදී අලෙවි කරන ලද ෆෝඩ් මස්ටෑන්ග් වර්ගයේ මෝටර් රථ 19,000 කට වැඩි සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.
2014 – 2017 කාලයේදී නිෂ්පාදනය කරන ලද අදාළ මෝටර් රථවල නිෂ්පාදන දෝෂයකුයි ඊට බලපා ඇත්තේ.
ඒ අනුව පිටුපස කැමරා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හමුවේ අනතුරු සිදුවීමේ ඉහළ අවධානමක් ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

අදාළ මෝටර් රථ හිමියන්ට ෆෝඩ් නියෝජිතයන් විසින් නොමිළයේ පරීක්ෂාවක් සිදුකර දීමට නියමිතයි.
ඒ සඳහා සිය ෆෝඩ් වාහන අලෙවි නියෝජිතයා අමතන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.
