සිඩ්නි පොදු ප්‍රවාහන ගාස්තු ගෙවීම දැන් Apple pay හරහාත්

සිඩ්නි නගරයේ පොදු ප්‍රවාහන සේවා සඳහා ගාස්තු ගෙවීම Apple pay පහසුකම් සහිත ඕනෑම උපාංගයක් මගින් සිදු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථනවලින් පමණක් නොව Apple Watch හරහාද ගාස්තු ගෙවීමට දැන් අවස්ථාව පවතිනවා.

සිඩ්නි නගරයේ ස්ථාපිත කර ඇති කාඩ් යන්ත්‍ර 25,000 ටම මෙම පහසුකම සළසා ඇති බව සඳහන්.

මිලියන 02 කට ආසන්න නිවු සවුත් වේල්ස් පොදු මගී ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට මෙමගින් ගෙවීම් තවත් පහසු වන බවයි ප්‍රාන්ත ප්‍රවාහන බළධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම පහසුකමත් සමග සිඩ්නි පොදු ප්‍රවාහනය ලොව ඉහළම තාක්ෂණය භාවිත කරන තත්වයට පත්ව ඇති බවද සඳහන්.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »