වික්ටෝරියා රෝහල්වල ශෛල්‍යකර්ම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වල ශෛල්‍යකර්ම සඳහා ගතවන පොරොත්තු කාලසීමාවන් සම්බන්ධයෙන් නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දින 90 ක් ඇතුළත සිදුකල යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ ඇති semi urgent ඝනයට අයත්වන සැත්කම් සඳහා වික්ටෝරියානුවන් විසින් පසුගිය දෙසැම්බරයේදී බලා සිට ඇති කාලය දින 307 ක් බවයි ප්‍රාන්ත රජය නිකුත් කල සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

දින 365 ක් එනම් වසරක් තුළ සිදුකල යුතු බවට නිර්දේශ ලැබී ඇති සැත්කම් සඳහා ඇතැමුන් දින 648 ක් බලා සිට ඇති බවද සඳහන්.

කෙසේවෙතත් එක් එක් රෝහල සළකා බැලීමේදී මෙම තත්වයෙහි වෙනස්කම්ද නිරීක්ෂණය වන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය තවදුරටත් සඳහන් කර සිටිනවා.

https://www.9news.com.au/national/elective-surgery-victoria-victorias-lengthy-surgery-wait-times-broken-down-by-hospital/47774c9c-d6b1-4b82-a602-9805c08fbeb2

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »