
දැනට ඉතිරිව පවතින කුළී නිවාස අතුරින් අවම වැටුපක් ලබාගන්නා සේවකයෙකුට දැරිය හැකි වනුයේ සියයට 01 කටත් වඩා අඩු නිවාස සංඛ්‍යාවක් බව හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ගැටලුවෙහි බරපතලකම එමගින් නිරූපණය වන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.
පසුගිය වසර කිහිපය පුරා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ දිගින් දිගටම කඩා වැටීම ඊට හේතුවයි.

නිවාස කුළිය අධික ලෙස ඉහළයාමත් සමග ඒවා දැරිය හැකි පිරිස අවම වී ඇති අතර අවම වැටුප් ලබන සේවකයන්ට එහි වැඩිම බලපෑම එල්ල වී තිබෙනවා.
Job seeker – විශ්‍රාම වැටුප් වැනි විවිධ සහනාධාර මුදල් මත යැපෙන පිරිස්වලට එහි ඇති බලපෑම තවත් ඉහළ බවයි පැවසෙන්නේ.
